/
/
title icon
පරිපූරක වෘත්තිකයින්ගෙන් 5න් 4ක් වර්ජනය අතහරී
පරිපූරක වෘත්තිකයින්ගෙන් 5න් 4ක් වර්ජනය අතහරී
Editor
16 hours ago
Share:
පරිපූරක වෘත්තිකයින්ගෙන් 5න් 4ක් වර්ජනය අතහරී

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද උදෑසන 8.00ට අවසන් කෙරුණා.

සිය සංගම් 5න් සංගම් 4ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළා.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි.

එහෙත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු සඳහන් කළා.

සම සෞඛ්‍ය ගැටලුව, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙරේදා උදෑසන 8ට වර්ජනයක් ආරම්භ කළා. 

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required