
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අනුරාධපුර නගරය අවට පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පොසොන් සතිය අදින් ආරම්භ වූ අතර එය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මකයි.