
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.
ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිළ ඉහළ දැමීම සිදු කර ඇති බව සඳහන්.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදුවූවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසනවා.
සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.