/
/
title icon
පොසොන් වෙනුවෙන් දිවයින පුරා දන්සල් 19,185ක්
පොසොන් වෙනුවෙන් දිවයින පුරා දන්සල් 19,185ක්
Editor
16 hours ago
Share:
පොසොන් වෙනුවෙන් දිවයින පුරා දන්සල් 19,185ක්

2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසනවා.

එම ලියාපදිංචි ලේඛණයට අනුව කොළඹ 944 ක්, ගම්පහ 1,792 ක්, කළුතර 977 ක්, නුවර 1,264 ක්, මාතලේ 812 ක්, නුවරඑළිය 352 ක්, ගාල්ල 1,186 ක්, මාතර 1,021 ක්, හම්බන්තොට 533 ක්, යාපනය 03 ක්, කිළිනොච්චි 03 ක්, මුලතිව් 17 ක්, වවුනියා 21 ක්, මන්නාරම 02 ක්, මඩකළපුව 09 ක්, අම්පාර 584 ක්, කල්මුණෙයි 14 ක්, ත්‍රීකුණාමලය 152 ක්, කුරුණෑගල 2,114 ක්, පුත්තලම 731 ක්, අනුරාධපුර 2,301 ක්, පොළොන්නරුව 650 ක්, බදුල්ල 968 ක්, මොණරාගල 716 ක්, රත්නපුර 1,097 ක්, කෑගල්ල 922 ක් වශයෙන් දිවයින පුරා දන්සල් සංවිධාන කර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required