/
/
title icon
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට
Editor
5 hours ago
Share:
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

ඔහු හෙට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා අද තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායී.

මෙවන් පසුබිමක අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කරණු ලැබුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමටයි.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ තවදුරටත් කටයුතු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සහ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා මෙම තීරණයට එළැඹ තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required