
ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, "අනුබුදු දහමින් ලොවම නිවේවා" තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුදබිමේදී අද පැවති රාජ්‍ය පොසොන් උත්සවයට එක්වෙමින්.
ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එම වගකීම ඉටු කළ හැක්කේ මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා අනුරාධපුර නගරය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද කියා සිටියා.