/
/
title icon
ජුනි 12 සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළට
ජුනි 12 සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළට
Editor
1 day ago
Share:
ජුනි 12 සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළට

ජුනි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී මේ බව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ. 

කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ, ජයනාත් හේරත් මහතා පවසනවා.

ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වනවා.

ඒකක 30 - 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත්වනු ඇති.

මේ අතර ඒකක 61 - 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ. මේ අතර ඒකක 91 - 120 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රු 360ක්.

ඒකක 121 - 150 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රු 600ක් වනු ඇති.

ඒකක 121 - 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2020කට සීමා වනවා.

ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2020 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇති.

කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනවා.

විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්යය ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇති.

ඒ අනුව ඉහත කාණ්ඩයේ රු 23ට පවතින ඒකක ගාස්තුව රු 28 දක්වා ඉහළ යනු ලබන අතර, රු 13 කින් පවතින ඒකකය රු 15 දක්වා සහ රු 11 පවතින ඒකකය රු 12 දක්වා රුපියලකින් ඉහළ යනවා.

ඒ අනුව ඒකක ගාස්තු වැඩිවීම ශත 50ත් රු 9ත් අතර, පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ ජයනාත් හේරත් මහතා පැවසුවා.

සමස්ත වැඩිවීම බිලියන 276ක් ඉදිරිපත් කර ඇති යෝජනාවක් බිලියන 268කට සීමා කර ඇති අතර, එම ඉලක්කය ළඟා කර ගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සියයට 15කින් ඉහළ දැමූ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required