/
/
title icon
මසකට කංජිපානිගේ හෙරොයින් කිලෝ 04ක් අලෙවිකරන බව ලොකු පැටී කියයි
මසකට කංජිපානිගේ හෙරොයින් කිලෝ 04ක් අලෙවිකරන බව ලොකු පැටී කියයි
Editor
1 day ago
Share:
මසකට කංජිපානිගේ හෙරොයින් කිලෝ 04ක් අලෙවිකරන බව ලොකු පැටී කියයි

අපරාධ කල්ලි නායකයෙකු වන "ලොකු පැටී" සතුව තිබූ ගිනිඅවි හයෙන් දෙකක් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට හැකිව තිබෙනවා. 

ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමති අපරාධකරු ආරක්ෂක අංශ විසින් පසුගිය මැයි 4 වැනිදා බෙලරූස් රාජ්‍යයේ සිට දිවයිට රැගෙන එනු ලැබුවා. 

ඔහු සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පැවරුණු අතර, ඒ අනුව සැකකරු දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් මේ වනවිටත් සිදුකෙරෙනවා‍. 

ඒ අනුව, ඔහු විසින් සිදුකළ ඝාතන මෙන්ම ඔහු සතු ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට එම කොට්ඨාසය සමත්ව තිබෙනවා‍. 

2023 හා 2024 වසරවලදී ඔහුගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ පුද්ගලයන් දෙදෙනෙකු අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවලදී ඝාතනය කර ඇති බව අනාවරණ වූ බව පොලීසිය පැවසුවා. 

එමෙන්ම ඇන්ටා නම් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේදී ඝාතනය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වූ බවද ලොකු පැටී අනාවරණ කර ඇති බවද වාර්තා වනවා. 

රොටුඹ අමිල නම් අපරාධකරුගෙන් තමන් විවිධ අවස්ථාවලදී ගිනිඅවි ලබාගත් බවත්, ඒ අතර ටී-56 ගිනිඅවි තුනක් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවි 3ක් ඇති බවත් ඔහු පවසා තිබෙනවා. 

අදාළ පිස්තෝල තුනෙක් දෙකක් මේවන විටත් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්වුණා. 

මේ අතර කංජිපානි ඉම්රාන්ගෙන් ලබාගන්නා හෙරොයින් කිලෝ හතරක පමණ ප්‍රමාණයක් මාසයක් තුළ අලෙවි කරන බවත් ලොකු පැටී පොලීසිය හමුවේ පවසා තිබෙනවා. 

එමෙන්ම ඔහුගේ දේපළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මකයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required