/
/
title icon
ලන්ඩන් බලා ගිය ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි - 241ක් මරුට
ලන්ඩන් බලා ගිය ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි - 241ක් මරුට
Editor
1 day ago
Share:
ලන්ඩන් බලා ගිය ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි - 241ක් මරුට

අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් එක් පුද්ගලයෙකු හැර අනෙකුත් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඒ අනුව ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 241ක්. 

මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද පස්වරු 1:15ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට සර්දාර් වල්ලාභායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්වුණා. 

මෙහි ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 59 දෙනෙකු, පෘතුගාල ජාතිකයින් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ගමන් කර තිබෙනවා. 

ගුවන්යානය අනතුරට ලක්වීමත් සමග අහ්මදාබාද් මේඝානිනගර් ප්‍රදේශයේ දැඩි දුමාරයක් දිස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. 

ගුවන්යානයේ එංජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවට සැක පළ කෙරෙන අතර එය මේ වනතෙක් කිසිදු පාර්ශ්වයක් තහවුරු කර නැහැ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required