
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
'සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර' ලෙස මෙම ප්‍රහාර මාලාව නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරානයේ - ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇති බව මේ වනවිට ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට ඊශ්‍රායලය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවයි.