/
/
title icon
ජනපති අනුර ජර්මනියේ ශ්‍රී ලාංකිකයින් හමුවෙයි
ජනපති අනුර ජර්මනියේ ශ්‍රී ලාංකිකයින් හමුවෙයි
Editor
14 hours ago
Share:
ජනපති අනුර ජර්මනියේ ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වී තිබෙනවා. 

ජර්මනියේ ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට එරට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියා. 

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

රට ඉහළට ඔසවා තැබීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ඇගයූ, ජනාධිපතිවරයා බිඳ වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සඳහා මේ වනවිට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required