
උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙරපාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලූවන්සා ඇති දරුවන් පාසල් සහ පෙරපාසල් ගොස් ක්‍රියාකාරකම්වල නිරත වුවහොත් (දිවීම, ඇවිදීම, සෙල්ලම් කිරීම) හෘදය වස්තුවට හානිවී (මයෝකාඩා තත්වයක් ඇතිවී) ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඩෙංගු හෝ චිකන්ගුන්යා යැයි සැක නම් එවැනි අවස්ථාවලදී දරුවන්ට මදුරු දැලක් භාවිතා කිරීම වැදගත් බවත් එමගින් සෙසු අයට බෝවීම වළක්වා ගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
ඩෙංගු, චිකුන්ගුන්යා දෙකම තියෙන රෝගීන්ට ස්වභාවික දියර ආහාර ලබාදීම ඉතා වැදගත් බව පවසන දීපල් පෙරේරා මහතා ඩෙංගු රෝගීන්ට රතු සහ කළු පැහැති ආහාරදීමෙන් වළකින්නැයිද ඉල්ලීමක් කරනවා.
ඩෙංගු රෝගය තියෙද්දි වෙහෙස වී කටයුතු කළහොත් විවිධ සංකුලතා ඇති වි ජිවිත පවා හානි විය හැකි බව ඔහු සඳහන් කළා.
පාචනය රෝගී දරුවන්ද වැඩි වශයෙන් වාර්තා වන බවත් එවැනි දරුවන්ට බැදී හාල් කැඳ ලුණු කැඳ කෙසෙල් වැනි දේවල් ලබාදීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.
පාචන රෝගීන්ට තෙල් සහිත බටර් චීස් දීමෙන් වළකින්නැයිද ඔහු ඉල්ලීමක් කළා.