
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37කටයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12 වැනිදා ලෝක වෙළෙඳපොළේ WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 68.04ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 69.24කට අලෙවි වී තිබුණා.
ඒ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබෙනවා.