/
/
title icon
කොළඹ පුරපති පුටුව මාලිමාවේ ව්‍රායිට
කොළඹ පුරපති පුටුව මාලිමාවේ ව්‍රායිට
Editor
12 hours ago
Share:
කොළඹ පුරපති පුටුව මාලිමාවේ ව්‍රායිට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණා.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ පුරපතිනිය ලෙස අද තේරී පත්වුණා.

කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ මොහොමඩ් රීසා සරූක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා කෙරුණා.

ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මගින් කොළඹ පුරපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත්වුණා.

සමගි ජන බලවේගයේ රීසා සරූක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වුණා.

මේ අතර, බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණා.

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30ට ආරම්භ කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required