
ඉරාන-ඊශ්‍රායල් යුද ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කියා සිටියා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ පවතින බවයි.
එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.