/
/
title icon
ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ප්‍රතිචාර
ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ප්‍රතිචාර
Editor
9 hours ago
Share:
ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ප්‍රතිචාර

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයොතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටකත් යටත් නොවන බව' පවසා තිබෙනවා.

එරට රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව හමුදාමය මැදිහත්වීමක් සිදුකළහොත් එය ඔවුන්ටද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වනු ඇති බව අමෙරිකානුවන් දැනගත යුතු බවයි.

ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳ අමෙරිකානු ජනධිපති ට්‍රම්ප් පවසා සිටියේ, ඉරාන ආධ්‍යාත්මික නායක අයොතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට මේ වනවිට කටයුතු නොකරන බවයි.

එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත්විය යුතු බවත් එහිදී ඔහු පවසා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required