
කොළඹ නගරාධිපතිනිය ලෙස පෙරේදා තේරී පත්වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද එම ධුරයේ වැඩ ආරම්භ කළා.
එම අවස්ථාව සඳහා මාලිමාවේ නියෝජිතයින් මෙන්ම නගර සභිකයින් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා තේරී පත්වුණා.
එහිදී පැවති රහස් ඡන්දයේදී ඇයට ඡන්ද 61ක් හිමිවුණා.
ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරියයි.