
ජුනි 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතිකඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය කියා සිටියේ, වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි.
මේ වනවිට ඩෙංගු මරණ 14ක් සිදුව ඇති බවද ඇය සඳහන් කළා.