/
/
title icon
කෙහෙළියගේ දුවක් ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරයට
කෙහෙළියගේ දුවක් ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරයට
Editor
1 day ago
Share:
කෙහෙළියගේ දුවක් ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරයට

සැක කටයුතු බැංකු ගිණුම් 16ක රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවා. 

හිටපු අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනෙකු හා බෑනා යන සැකකරුවන් තිදෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළා. 

අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් ඇප තැන්පත් කර පිටව ගියද ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප තැන්පත් කිරීමට නොහැකිව බන්ධනාගාරගත වුණා. 

සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required