/
/
title icon
ශවේන්ද්‍රත් ඇතුළුව නාමල්, සාගල, රෝහිත, චාමර, අමරවීර ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන අලුත් විමර්ශනයක්
ශවේන්ද්‍රත් ඇතුළුව නාමල්, සාගල, රෝහිත, චාමර, අමරවීර ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන අලුත් විමර්ශනයක්
Editor
1 day ago
Share:
ශවේන්ද්‍රත් ඇතුළුව නාමල්, සාගල, රෝහිත, චාමර, අමරවීර ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන අලුත් විමර්ශනයක්

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා. 

ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද එම කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. 

අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපළ ලබාගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොට්ඨාශය පවසනවා. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හර්ෂණ රාජකරුණා, ශානක්කියන් රාසමානික්කම්, හිටපු අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නි ආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්යාන් සහ ශාන්ත අබේසේකර ඇතුළු දේශපාලනඥයන් පිරිසක් සිටින බව එම කොට්ඨාශය කියයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required