
බීමත්ව රිය ධාවනය කළහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන බවට සමාජ මාධ්‍යවල පළවන පුවත සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටියේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.
එමෙන්ම මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.