/
/
title icon
ඉන්දීය අගමැති මෝදිගෙන් ඉරාන ජනපතිට දුරකතන ඇමතුමක්
ඉන්දීය අගමැති මෝදිගෙන් ඉරාන ජනපතිට දුරකතන ඇමතුමක්
Editor
1 month ago
Share:
ඉන්දීය අගමැති මෝදිගෙන් ඉරාන ජනපතිට දුරකතන ඇමතුමක්

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද දුරකථන මාර්ගයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් දසවන දිනට පිවිසීමත් සමඟ මැද පෙරදිග කලාපයේ යුද උණුසුම ඉහළ යන බව එම ඇමතුමේදී සාකච්ඡා කර ඇති බවත්, එම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බව පවසා ඇති බවත් සඳහන්.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

මිනිත්තු 45 ක් පැවති මෙම ඇමතුමේදී ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අගමැති මෝදීගේ ඉල්ලීමට ස්තූතිය පලකර ඇති අතර ඉන්දියාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන බවද පවසා ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required