
මැද පෙරදිගට කලාපයට කොන්දේසි විරහිතව සටන් විරාමයකට යොමු වන ලෙස ඉල්ලා රුසියාව, චීනය සහ පකිස්තානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වයට අමෙරිකාව මැදිහත්වීමත් සමග හටගත් යුද උණුසුම හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.