/
/
title icon
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වල අවසානයක් ගැන බලාපොරොත්තුවක්
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වල අවසානයක් ගැන බලාපොරොත්තුවක්
Editor
7 hours ago
Share:
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වල අවසානයක් ගැන බලාපොරොත්තුවක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවද එම සටහනේ සඳහන්.

Kkkk

කෙසේ වෙතත්, මීට ප්‍රතිචාර දක්වමින් කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමකට එකඟ වී නොමැති බව ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required