/
/
title icon
බස් ගාස්තුව 2%කින් අඩු කෙරේ
බස් ගාස්තුව 2%කින් අඩු කෙරේ
Editor
23 hours ago
Share:
බස් ගාස්තුව 2%කින් අඩු කෙරේ

බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද දිනයේදී බස් සංගම් වෙත දැනුම් දී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇතැයි සඳහන්.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවුණා.

කෙසේ වෙතත්, රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.  

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required