/
/
title icon
ලුණුවලට උපරිම මිලක් ගැන කතාව බොරුවක් - පාරිභෝගික අධිකාරිය
ලුණුවලට උපරිම මිලක් ගැන කතාව බොරුවක් - පාරිභෝගික අධිකාරිය
Editor
16 hours ago
Share:
ලුණුවලට උපරිම මිලක් ගැන කතාව බොරුවක් - පාරිභෝගික අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුණු සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරනවා. 

එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර නොපැවති බව දන්වමින් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පැවසුවා.

උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇති බව සඳහන්.

එම සාකච්ඡාවේදී මතු වූ කරුණුද සැලකිල්ලට ගනිමින් නියම කල යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරනය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම් දීමට සභාව විසින් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව එමඟින් ඔවුන් දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required