/
/
title icon
බොලිවුඩයේ රජු "ෂාරුක් ඛාන්" දිවයිනට
බොලිවුඩයේ රජු "ෂාරුක් ඛාන්" දිවයිනට
Editor
10 hours ago
Share:
බොලිවුඩයේ රජු "ෂාරුක් ඛාන්" දිවයිනට

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අගෝස්තු 02 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි.

City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් අද පලකර තිබුණා.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙසද සැලකෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required