
ජාතික මදුරු මර්දන සතිය අද සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ වසරේ අවසාන මාස 05 තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බවයි.
ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් වාර්තා වූ බවද ඔවුන් පැවසුවා.