/
/
title icon
බස් ගාස්තුව අඩුවන්නේ 0.55%කින් පමණයි - අලුත් ගාස්තුව ගැන කොමිසම කියයි
බස් ගාස්තුව අඩුවන්නේ 0.55%කින් පමණයි - අලුත් ගාස්තුව ගැන කොමිසම කියයි
Editor
1 day ago
Share:
බස් ගාස්තුව අඩුවන්නේ 0.55%කින් පමණයි - අලුත් ගාස්තුව ගැන කොමිසම කියයි

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි. 

කෙසේ වෙතත්, අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. 

ඒ අනුව එළැඹෙන ජූලි මස 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required