
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස්කර ගත්තා.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් නායකත්වයේ ඉනිමක් ගොඩනැගූ චරිත් අසලංක පන්දු 123කට මුහුණදෙමින් ලකුණු 106ක් ලබාගත්තා.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 45ක්, ජනිත් ලියනගේ ලකුණු 29ක්, මිලාන් රත්නායක ලකුණු 22ක් හා වනිඳු හසරංග ලකුණු 22ක් ලබාගනිමින් පිත්තෙන් දක්ෂතා පෙන්නුම් කළා.