/
/
title icon
හිටපු ඇමති එස්.එම්. රිමාන්ඩ්
හිටපු ඇමති එස්.එම්. රිමාන්ඩ්
Editor
1 day ago
Share:
හිටපු ඇමති එස්.එම්. රිමාන්ඩ්

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණා.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර අනතුරුව ඔහු මෙලෙස කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required