
අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින්.
අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ පදනම් ආයතයේදී පැවැත්වුණේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති නමුත් ලොව කිසිදු රටක නීතිය ක්‍රියාත්මක කළ පමණින් මෙය විසඳිය නොහැකි බවයි.
මේ හේතුවෙන් රට තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.