/
/
title icon
හරක් කටා ජාතික රෝහලේ
හරක් කටා ජාතික රෝහලේ
Editor
19 hours ago
Share:
හරක් කටා ජාතික රෝහලේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන හරක් කටා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව CT පරීක්ෂණයක් සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

උදරාබාධයක් හේතුවෙන් ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට නදුන් චින්තක නොහොත් හරක් කටා උණ රෝගී තත්ත්වයකින්ද පසුවන බවද සඳහන්.

ඊයේ දිනයේදී හරක් කටා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required