
ඊ-ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසුවේ පසුගිය 03 වැනිදා සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ඊ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව මෙම සේවාවන් එළැඹෙන 09 වැනි දින දක්වා ක්‍රියා විරහිතව පවතින බවද එම ආයතනය පවසනවා.
ක්‍රියා විරහිත වී ඇති මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට එම ආයතනය කටයුතු කරමින් පවතින අතර, සේවාවන් යථා තත්ත්වයට පත් වූ පසු මේ සම්බන්ධව නිල වශනේ නිවේදනය කරන බවද එම ආයතනය සඳහන් කළා.