/
/
title icon
බිලියන 1.74ක් IMF ලබාදීලා - ආණ්ඩුව කියයි
බිලියන 1.74ක් IMF ලබාදීලා - ආණ්ඩුව කියයි
Editor
1 month ago
Share:
බිලියන 1.74ක් IMF ලබාදීලා - ආණ්ඩුව කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක මුදලක් ලබාදී ඇතැයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව ඉල්ලුම් කරන ලද ණය මුදල වාරික 9කින් මෙරටට ලැබීමට නියමිත අතර එහි වාරික 5ක් මේ වනවිට ලැබී ඇතැයිද ඔහු සඳහන් කළා.

5 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350ක් පසුගිය ජූලි 03 වැනිදා හිමි වූ බවද ඔහු පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදීයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා මේ බව කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required