/
/
title icon
2027 සිට අලුත් දේපොළ බද්දක් - IMF කියයි
2027 සිට අලුත් දේපොළ බද්දක් - IMF කියයි
News Editor
10 months ago
Share:
2027 සිට අලුත් දේපොළ බද්දක් - IMF කියයි

2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර, දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතියද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව ද  අදාළ වාර්තාවේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required