/
/
title icon
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්
Editor
1 day ago
Share:
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබාදීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව් ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කයා සිටියා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 

පසුගිය මැයි 17 වනදා පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required