
බංග්ලාදේශයට එරෙහිව හෙට ආරම්භ වන පන්දුවාර විස්ස තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
වනිඳු හසරංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු නම් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.
බංග්ලාදේශය සමග පැවති තෙවන එක්දින තරගයේදී ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් ඇතිවුණා.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.