/
/
title icon
කොස්ගොඩ වෙඩි තැබීමක් - අයෙකු රෝහලේ
කොස්ගොඩ වෙඩි තැබීමක් - අයෙකු රෝහලේ
Editor
16 hours ago
Share:
කොස්ගොඩ වෙඩි තැබීමක් - අයෙකු රෝහලේ

කොස්ගොඩ ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කොස්ගොඩ - හතරමංහන්දිය ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා. 

වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 24ක් වූ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ තුවාලකරු ත්‍රීරෝද රථයේ රියදුරු වන අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required