
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි තොගය සොයා ගැනීමට හැකිව ඇත්තේ.
එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි.
එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.