
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උස්බිම් ප්‍රදේශවලට පානීය ජලය බෙදාහැරීමේ ගැටලු ඇති වූවහොත් බවුසර් යොදා ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම මහත්මිය පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවයි.
ඒ අනුව වාහන සේදීම්, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට පානීය ජලය භාවිතා කිරිම අවම කර, අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙසයි ඇය ජනතාවට දැනුම් දෙන්නේ.