/
/
title icon
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන වැඩිවීමක්
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන වැඩිවීමක්
Editor
17 hours ago
Share:
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන වැඩිවීමක්

2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඔවුන් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව,  මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක වැඩිවීමක්.

2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2024 සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57ක් වනවා.

නිල දත්තවලට අනුව, වසර තුළ ශ්‍රී ලාංකිකයින් 312,836ක් විදේශ රැකියා සඳහා විදේශගතව ඇති බව සංඛ්‍යාලේඛනවල සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required