/
/
title icon
රන් ආලේපිත ටී-56ට රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ හිටපු ඇමති දුමින්දට අධිකරණයෙන් ඇප
රන් ආලේපිත ටී-56ට රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ හිටපු ඇමති දුමින්දට අධිකරණයෙන් ඇප
Editor
3 hours ago
Share:
රන් ආලේපිත ටී-56ට රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ හිටපු ඇමති දුමින්දට අධිකරණයෙන් ඇප

රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. 

ඒ අනුව සැකකරු රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කරනු ලැබුවා.

එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළා.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required