
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසනවා.
GovPay සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා, සඳහන් කළේ සති කිහිපයකට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
ඒ අනුව රථවාහන දඩ ඩිජිටල් මගින් ගෙවීම සඳහා වන කටයුතු මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීම අරඹන බවයි.
සැප්තැම්බර් මාසය වනවිට ඊට අදාළ ක්‍රියාවලිය දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන බව ඔහු පැවසුවා.