/
/
title icon
වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
Editor
21 hours ago
Share:
වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් අද සිට රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 

මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර මෙලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා.

එහිදී,

මොණරාගල දිස්ත්‍රික්කයේ,

මොණරාගල අඩවියේ - ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තර

සියඹලාණ්ඩුව අඩවියේ - අඹත්තාහෙල රජයේ වනාන්තරය

වැල්ලවාය අඩවියේ - කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තර

අම්පාර දිස්ත්‍රික්කයේ,

අක්කරපත්තුව අඩවියේ - පාලකුඩා කඩොලාන වනාන්තරය
අම්පාර අඩවියේ - කරංගාව රජයේ වනාන්තරය
මහඔය අඩවියේ - බදුලුගොඩ රජයේ වනාන්තරය
ලාහුගල අඩවියේ - පානම උතුර රජයේ වනාන්තරය

මහනුවර දිස්ත්‍රික්කයේ,

මහනුවර අඩවියේ - රිලාගල සහ රජගල රජයේ වනාන්තර, අද දින සිට නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව, මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට අද සිට පත්වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required