/
/
title icon
වෛද්‍ය මහේෂිට ඇප
වෛද්‍ය මහේෂිට ඇප
Editor
20 hours ago
Share:
වෛද්‍ය මහේෂිට ඇප

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සැකකාරිය රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

සැකකාරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීමද තහනම් කෙරුණු අතර, විදේශ ගමන් තහනම් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required