
ඔයාලා දකින්න ඇති පහුගිය සතිවල ලෝකය පුරා වයිරල් වුණා පොඩි පිරිමි ළමයෙක් "aura farming hype boy" කියලා බෝට්ටු පදින Video එකක්. මේ Video එක Facebook, TikTok, Instagram වගේ සමාජ මාධ්‍යවල viral trend එකක් වුණා. ලෝකය පුරා ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම බොහෝ දෙනෙක් මේකට Video හදලා දාලා තියෙනවා.
Pacu Jalur තරඟය කියන්නේ මොකක්ද?
Pacu Jalur කියන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රාවල Riau පළාතේ Kuantan Singingi නගරයේ අවුරුද්දකට සැරයක් පවත්වන සාම්ප්‍රදායික බෝට්ටු තරඟයක්. මේක අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රාදේශීය සංස්කෘතික උත්සවයක් විදිහට පැවත එන එකක්. හරියටම කිව්වොත් මේක ආරම්භ වුණේ 19වැනි සියවසේ මුල් භාගයේ. හැබැයි අද වෙනකොට මේක ඉන්දුනීසියාවේ UNESCO සංස්කෘතික උරුමයක් ලෙස සලකනවා.
ලස්සනට අලංකාර කරපු දිග ලී බෝට්ටු තමයි මේ තරඟයට යොදා ගන්නේ. මේ බෝට්ටුවක දිග 40m – 50m වගේ වෙනවා. බෝට්ටුව පදින්න 50–60ක් වගේ පදින පිරිසක් සහභාගී වෙනවා. මේ හැම බෝට්ටුවකම ඉස්සරහට පොඩි පිරිමි ළමයෙක් නැගලා බෝට්ටුව පදින අයව හයිප් කරනවා. ඒක මේ සම්ප්‍රදායේම කොටසක්. "Tukang Tari" කියලත් මේ hype boyව හඳුන්වනවා. බෝට්ටුවේ ඉස්සරහ ඉන්න මේ hype boy තමයි කණ්ඩායමට ජවය, ආත්ම විශ්වාසය, උද්යෝගය එකතු කරන විශේෂ පුද්ගලයා වෙන්නේ.
ඊට අමතරව මේ තරඟයේ ප්‍රධාන භූමිකා විදිහට
- Conchang – සංකේත ලබාදෙන්නා
- Pinggang – බෝට්ටුවේ මූලධර්මය පවත්වාගන්නා
- Onjay – rhythm සෙට් කරන පුද්ගලයා හදුනාගන්න පුළුවන්.
සමාජ මාධ්‍යවල මේක viral trend එකක් වුණේ ඇයි?
“Aura farming hype boy” කියලා සමාජ මාධ්‍යවල වයිරල් වුණේ මෙන්න මේ විදිහට බෝට්ටුවක ඉස්සරහට නැගලා යන වයස අවුරුදු 11ක් වෙන Rayyan Arkhan Dikha කියන පොඩි පිරිමි ළමයෙක්ගේ Video එකක්.
කළු සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසිලා, අව් කන්නාඩි දාලා ඉන්න මේ Rayyan Arkhan Dikha කියන පිරිමි ළමයා, බෝට්ටු තරඟය පැවැත්වෙමින් තිබෙන වෙලාවෙ දී බෝට්ටුවේ ඉස්සරහා හිටගෙන සංසුන් ලීලාවෙන් නැටුමක් ඉදිරිපත් කරනවා.
ඒ නැටුම 2024 ජනවාරි 10 TikTokවල පළ වෙනවා. ඒ වුණාට ඒක වයිරල් වුණේ 2025 ජුනි මාසේ. TikTok එකේ view මිලියන 6කට වඩා ගියා. එයාගේ මේ නැටුමට “Aura Farming” කියලා නම දාන්නෙත් TikTok යූසර්ලා.
මේ නිසා ඒ පළාතට විශාල සංචාරක ආකර්ෂණයක් ලැබිලා තියනවා. ඒ නිසා Rayyan Dikhaට ඒ පළාතේ සංචාරක තානාපති විදිහට නම් කරලා සම්මානයකුත් දෙන්න ඒ පළාතේ ආණ්ඩුකාරවරයා කටයුතු කරලා තියෙනවා.
දුලාංජලි විජේසිංහ