
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වා මාස 2කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඉන් 50කට අධික සභා සංඛ්‍යාවක බලය මේ දක්වා පිහිටුවා නොමැති බව වාර්තා වනවා.
ඝණපූර්ණය නොමැතිවීම, සභිකයින්ගේ නම් ගැසට් නොකිරීම සහ අධිකරණ නියෝග යන හේතු මත මෙලෙස බලය පිහිටුවීමට හැකියාව ලැබී නොමැති බව සඳහන්.
මීට අමතරව කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය මේ දක්වා පිහිටුවා නැහැ.
පූර්ණ සභිකයින්ගෙන් 50%ක් සභාවට නොපැමිණීම ඝනපූර්ණය නොමැතිවීමට හේතු වී ඇති අතර ඇතැම් සභිකයින් සිතාමතා සභාවට නොපැමිණෙන තත්ත්වයක්ද මතුවී ඇති බව වාර්තා වනවා.