
මීමුරේ - කරඹගොල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෑන් රථයක් පෙරලී සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීරිගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මීමුරේ ප්‍රදේශයට යනෙන අතරතුර මෙම අනතුරට මුහුණ දුන්නා.
අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබුණා.
අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වනවා.
එමෙන්ම, බරපතළ තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර තිබුණා.