
මේ දවස්වල ලෝකෙම කතා වෙන පුවතක් තමයි නිල ආරම්භයට දවසකට කලින්, ඒ කියන්නෙ 2025 ජූලි 16 වෙනි බදාදා හදිස්සියෙ ගිනි ගත්ත Tomorrowland වේදිකාව. හැබැයි මේ වෙද්දි ගිනි ගත්ත Main Stage එක වෙනුවට, ඒ් භූමියේම පැය 36ක් ඇතුලත නිර්මාණය කරපු අළුත්ම Main Stage එකේ Tomorrowland 2025 නිල වශයෙන් ආරම්භ වෙලා තියෙන්නේ. අලුත් වේදිකාව නිර්මාණය කරන්න පැය 36කට ආසන්න කාලයක් මහන්සි වුණ Tomorrowland කෲ එකට ලබා දුන් රසිකයන්ගේ අත්පොලසන් නාදය මැද තමයි ජූලි 18 මේ උත්සවය ආරම්භ වුණේ.
හරි අපි බලමු දැන් මේ Tomorrowland කියන්නෙ මොකක්ද කියලා.
Tomorrowland කියන්නෙ ලෝකෙ තියෙන ප්‍රධානම ඉලෙක්ට්‍රොනික සංගීත උළෙලවල් අතරින් තියෙන හොදම Festival එකක්. ඒ
කියන්නේ ලෝකයේ විශාලතම සහ ජනප්‍රියතම EDM (Electronic Dance Music) සංගීත උත්සවය. EDM කියන්නෙ ලෝකයේ Rap, Rock, HipHop,Ragge, pop Music වගේ තවත් Music Genres එකක් තමයි Electronic Dance Music (EDM).
මේක පටන් අරන් තියෙන්නෙ 2005 දී, බෙල්ජියම්වල Boom නගරයෙන්. මේක ඒ නගරයේ වාර්ෂිකව සංවිධානය කරනවා. සෑම වසරකම වෙනස් theme එකක් තියෙනවා. (උදාහරණ: The Book of Wisdom, The Elixir of Life, The Story of Planaxis). මේවට අනුව main stage එක සම්පූර්ණයෙන්ම හැඩ කරපු විශිෂ්ට décor එකක්, graphic visuals, fireworks තියෙනවා.
Tomorrowland 2025 තේමාව වෙන්නෙ "Orbyz". "Orbyz" තේමාවේ කතාවට අනුව, වසර ගණනාවක් තිස්සේ විශාල අයිස් ආවරණයක යටතේ සැඟවී සිටි ස්වදේශීය ජන සමාජයක්, අයිස් හා හිම ගැලී යාමත් සමඟ මතුපිටට පැමිණෙනවා. මෙම තේමාවට අමතරව, Tomorrowland සංවිධායකයන් විසින් "The Odes of Orbyz" නමින් නව නවකතාවක් නිකුත් කරලා තියෙනවා.
ලොකයේ Top Level එකේ Electronic Music playersලා තමයි මේකෙ perform කරන්නේ. ලෝකේ ජනප්‍රිය Dj / Producersලා 150ක් විතර මීට සහභාගී වෙනවා (උදාහරණ: Martin Garrix, Armin van Buuren, David Guetta).
Tomorrowland එක Main stage එක ඇතුළුව Stage 16කින් සමන්විත වෙනවා. 2005 මේ උත්සවය පටන් ගද්දි 9000 වගේ ආසන්න Crowd එකක් තමයි සහභාගි වෙලා තියෙන්නේ. වර්තමානයේ දී 400,000 වගේ Crowd එකක් සහභාගි වෙනවා වගේම සති දෙකක් පුරාවට මේ Festival එක පැවැත්වෙනවා. හැම EDM fan කෙනෙකුගේම හීනයක් තමයි කවදාහරි Tomorrowland Festival එකට යන එක.
දුලාංජලි විජේසිංහ